තේරවිලි යන්න ශ්‍රැති හෙවත් ශ්‍රවණය මුල් කරගත් ජනශ්‍රැතියට අයත් එක අංගයකි.ජන කවිය, ජන කතාව , ජන ක්‍රිඩාව ,ජන ආගම , ජන ප්‍රවාද ,ප්‍රස්තාපිරුළු ආදිය ජනශ්‍රැතියේ සෙසු අංගයෝ වෙත්.තේරවිලි යන්නට ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි අර්ථ නිරූපණය කොට ඇත්තේ ප්‍රහෙලිකාව ,පිළිතුරු දෙන්නට අපහසු ප්‍රශ්නය,පටලැවිලි සහිත ප්‍රශ්නය ලෙසය. තොරා දිය යුතු දෙය , අර්ථය සැඟවුණු කියමන හෝ වාක්‍යය හෝ කවිය , ප්‍රහේළිකාව යනුවෙන් ප්‍රායොගික සිංහල ශබ්ද කොෂයේහි තේරවිල්ල අර්ථ දක්වා තිබේ . නූතන භෂාවේදියකු වන මහාචාර්ය ජේ බි දිසානායකයන් තේරවිල්ල හඳුන්වන්නේ ගැට ගැසු පද කැටිය ලෙසය. වැඩිදුරටත් අදහස් දක්වන ඔහු ගැට ගසා ඇති පදවලින් කියා ඇත්තේ කුමක්ද කියා තේරිය යුතු නිසා එය තේරවිල්ල යන නම ලබයි යනුවෙන් සඳහන් කරයි.
මේ අනුව තේරවිල්ලේ මාධ්‍යය ඒ ඒ සමාජයේ ව්‍යවහාර බස බව පැහැදිලිය . ඒ අනුව තේරවිලි විමසිම හා ඒ සඳහා පිළිතුරු දීම සිදු කෙරෙන්නේ බසෙහි පද අනුසාරයෙනි. ‘ශ්‍රැතිය’ ජන ශ්‍රැතියේ ආත්මය වන නිසා අතිතයේ ‘තෙරවිල්ල’ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මුඛ පරම්පාරවෙන්ම පැවත එන්නක් විය, එහෙත් වර්තමානයේ තේරවිලි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් මඟින් සංරක්ෂණය වී තිබේ. ඒ අනුව තේරවිල්ල තවදුරටත් ජනශ්‍රැතියාංගයක් වන්නේද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි. ව්‍යවහාර බස අනුව මෙහි විමසිල්ලට ලක් කරන තෙරවිලි ආශ්‍රිත කරුණු හා තෙරවිලි ‘සිංහල තෙරවිලි ‘ ලෙස හැදින්විය හැකිය .