අතිතයේ සමහර එළවළු වර්ගවලට ඉහළම සැලකිලි ලැබුණු නමුත් බෝංචිවලට සලකන ලද්දේ යකෙකු භුතයෙකු ලෙසිනි. සමහර රටවල පූජකයන්ට බෝංචි යන නම කීම පවා තහනම් විය. බෝංචි පැරැණිම එළවළුවක් ලෙස පිළිගැනිමක් තිබේ.මීට වසර තුන්දාහකට පෙර හීබෘවරු බෝංචි එළවළුවක් ලෙස දැන සිටියහ.
ඈත අතීතයේ ළුණු දේවත්වයෙන් සැලකු ඊජිප්තු වැසියන් අතර බෝංචි කෑමෙන් භුත දෝෂ වැළදෙන බවටත්, මොළය කරකවන බවටත් පිළිගැනිමක් තිබුණි. බෝංචි මල්වල සුවඳ වැදිම් මරණයට හේතුවක් විය හැකි යැයි මතයක්ද මුල් බැස ගෙන තිබුණි.බෝංචි වැවී ඇති තැන්වලින් යනවිට නහය වසාගෙන හෝ ඉවත බලාගෙන හෝ ලහි ලහියේ යෑමට ඔව්හු පුරුදුවි සිටියහ. නමුත් ඊජිප්තුවේ සමහරු පූජකවරුන්ගේ දේශනාවලට පිටුපා බෝංචි කෑමට පුරුදුව සිටියහ.
ග්රීක පුජක වරු ඊජිප්ප්තු පූජකවරුන්ටත් වඩා දරුණු ලෙස බෝංචිවලට විරුද්ධව ප්රචාර ගෙන ගියහ. යක්ෂයන් ද බෝංචිවලට බියවන බවත් ඔව්හු කිවොය. ක්රි.පු. 600 විසූ පයිතගොරස් මිය ගිය අයගේ ආත්මය බෝංචි වල තැන්පත් වී ඇති බව කිවේය. පයිතගරස් අනුගාමිකයෝ මේ මතයට කොතරම් ගරු කළා ද කීවොත් සමහරු බෝංචි කනවාට වඩා හිස් ගැසුම් කා මිය යැමට මැකි නොවුහ.ග්රීසියේ ඇවලොන් දෙවියන් සඳහා පැවති පූජාවක විශෙෂ තැනක් බෝංචි වලට හිමිවිය. පිසීමෙන් බෝංචි වලට ඇති දුර්බලවේග තුරන් වන බව සමහරු විශ්වාස කලහ.
රෝම වරුන්ගේ විශ්වාසයට අනුව අස්වැන්නට අධිපති සෙරස් දෙව්දුව මිනිසාට පැළෑටි තෑගි දීමේදි බෝංචි එළවළු අතර නොවන නිසා එය ඉවත් කල බව කියෑවේ. ප්ලිනිනම් රෝම ලෙඛකයාට අනුව බෝංචි කරලක් පුජා කිරිම යහපත ගෙන දෙන්නක් විය.මරණයක් වූ පසු ගෘහ මූලිකයාගේ බෝංචි කරල් කීපයක් තම හිසට උඩින් විසිකර මිය ගිය අයගේ නිවසේම රැඳී ඇත්නම් එය ඉවත් කළේය.ඒ හැර මළ ගෙදර කාටත් බෝංචි කරල බැගින් කෑමට ලබාදීමෙන් මියගිය ආත්මයෙන් කරදර නොවේයැයි සිතුවෝය.